කෙන්යානු රජය ඉදිරිපත් කළ නව බදු පනතකට විරෝධය පළ කරමින් විරෝධතාකරුවන් ඊයේ එරට පාර්ලිමේන්තුවට ඇතුළු වී ඊට ගිනි තබා තිබෙනවා.
එරට පාර්ලිමේන්තුව ගොඩනැගිලි සමූහයකින් සමන්විත වන අතර විරෝධතාකරුවම් එහි එක් ගොඩනැගිල්ලකට ගිනි තබා තිබෙනවා.
නමුත් ආරක්ෂක අංශ විසින් ඒ සාර්ථක මැඩ පැවැත්වීමට අවශ්‍ය පියවර ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම අවස්ථාවේදී විරෝධතාකරුවන් පාලනය සඳහා ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන් වෙත වෙඩි ප්‍රහාරද එල්ල කර තිබෙනවා
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම වෙඩි තැබීම්වලින් විරෝධතාකරුවන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ එම සංඛ්‍යාව මීටත් වඩා වැඩි විය හැකි බවයි.
ආන්දෝලනයට ලක්වූ එම බදු පනත් කෙටුම්පත ඊයේ දිනයේ එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.
එය සම්මත කර ගැනීම වැළැක්වීම සඳහා විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට ඇතුළු වූ අතර එහිදී එම පරිශ්‍රයේ කොටසකට ගිනි තබා ඇති බව සඳහන්.
සිද්ධියෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා නිරුපද්‍රිතව ඉවත් කර ගත හැකි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


