විද්‍යාපීඨ ගුරුවරු (විද්‍යාපීඨ ශික්ෂණලාභින්) අධ්‍යාපනවේදී උපාධිධාරීන් ලෙස බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අධ්‍යාපනයේ ජාත්‍යන්තර නව ප්රවණතාවන්ට සරිලන ගුරුවරුන් බිහි කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.
දිවයිනේ තිබෙන විද්‍යාපීඨ 19ම ඒකාබද්ධ කර අධ්‍යාපනය සඳහා වූ ජාතික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුමැතිය ද ලැබී ඇති අතර, ඒ සඳහා වූ පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් අධ්‍යයනය කර අනුමැතිය ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී.
ඒ සඳහා නීතිපති නිශ්කාශනය ලැබීමෙන් පසු මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලැබීමෙන් අනතුරුව, අධ්‍යාපනය සඳහා වූ නව ජාතික විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරනු ඇත.
මෙම විශ්වවිද්‍යාලයෙන් බිහි වන අධ්‍යාපනවේදී උපාධිධාරීන් (විෂය වර්ග අනුව) 2028න් පසු පාසල් පද්ධතියේ ගුරු සේවයට කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.


