විශ්වවිද්‍යාල සිසුවෙකුගේ මළ සිරුරක් ජාඇළ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ තිබී ඊයේ(25) හමුවී තිබෙනවා.
දුම්රිය රියදුරෙකු ජාඇළ පොලිස් ස්ථානයට ලබා දුන් තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ පල්ලම, හලාවත ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි තරුණයෙක් බව සඳහන්.
ඔහු මෙම ප්‍රදේශයට පැමිණීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසනවා.
අලුයම් කාලයේ කොළඹ – හලාවත දුම්රිය මාර්ගයේ ගමන් කල දුම්රියක මොහු ගැටී ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාඇළ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


