Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අපි අද ලංකාවේ පාසල් ඔක්කොම වහලා දැම්මා – ජෝෂප් ස්ටාලින්

2 years ago

වැටුප් විශමතාවන්ට නිසි විසඳුම් ඉල්ලමින් දිවයින පුරා ගුරු සහ විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් අද (26) ක්‍රියාත්මක කලා.

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර තිබුණු මෙම වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් පාසල් රැසක අධ්‍යාපන කටයුතු දැඩි ලෙස අඩාලව තිබුණු අයුරුද දක්නට ලැබුණා.

ඇතැම් සිසුන් උදෑසන පාසල් වෙත පැමිණියද ගුරුවරු නොමැති වීම හේතුවෙන් නැවත නිවෙස් කරා හැරී යනු දක්නට ලැබුණා.

මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පවසන්නේ ආණ්ඩුවට පණිවිඩයක් දීමට ලංකාවේ පාසල් සියල්ලම අද වසා දැමුණු බවයි.

“ලංකාවේ පාසල් 10,026ම වහලා තියන්නේ, විශේෂයෙන්ම මේ ආණ්ඩුවට අපි දෙන පණිවිඩේ තමයි ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විශමතාවේ ඉතිරි තුනෙන් දෙක ලබා දෙන්න ඒ වගේම අධ්‍යාපනයේ බර දෙමව්පියන් මත පටවලා තියන්නේ ඒ බර ඉවත් කරන්න විදුහල්පති සේවයේ තියන ගැටළු වලට විසඳුම් ලබා දෙන්න.”