Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙට දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2 years ago

හෙට (27) දින සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් මඟින් පවසනවා.

මේ අතර හෙට (27) දිනයේදීත් ගුරු විදුහල්පතිවරුන් වර්ජනයේ නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් ප්‍රකාශ කලා.

වැටුප් විෂමතාවලට විසඳුම් ඉල්ලමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති කොළඹ කොටුවේ අද සංවිධාන කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වුණේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ද නිකුත් කර තිබූ පසුබිමකයි.