ඩොලර් බිලියන 4.2 කණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් අත්සන් තැබීම මීට සුළු මොහොතකට පෙර සිදුවුණා.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීම මගින් මෙරටට සැලකිය යුතු ණය සහන සැලසෙන අතර, අත්‍යාවශ්‍ය පොදු සේවාවන් සඳහා වැඩි අරමුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහනදායී මූල්‍ය පහසුකම් සලසා ගැනීම නැවත ආරම්භ කිරීමට ද අවස්ථාව හිමිවනු ඇති.
චීනයේ බීජිං නුවරදී සහ ශ්‍රී ලංකාවේ කොළඹදී මෙම ගිවිසුම් සඳහා අත්සන් තැබීම සිදුවුණා.


