ගුරු- විදුහල්පති වෘත්තීය සමිති අද (27) දිනයේ ද ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.
ඒ ඊයේ(26) දිනයේ කොළඹ පැවති විරෝධතාවයට පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයට විරෝධය පළ කරමින්.
කෙසේවෙතත් අද (27) දිනයේ දී සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
පාසල් රැසක ළමුන්ගේ පැමිණීම ද ඉතා අවම මට්ටමක පැවති අතර ඇතැම් පාසල්වලට පැමිණි සිසුන්ට පාසල්වලට ඇතුළුවීමට නොහැකි වන අයුරින් වසා දමා තිබුණු ආකාරයද දක්නට ලැබිණි.


