Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සේවය කරන රාජ්‍ය සේවකයින් පිරිසක් ස්ථීර කිරීමට තීරණයක්

2 years ago

පළාත් පාලන ආයතනවල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුවයි.

මෙහිදී දිවයින පුරා පළාත් පාලන ආයතනවල සේවය කරන තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින 8,435 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීමට නියමිතය.

ඒ අනුව ජූලි මාසය තුළ එම සියලු පත්වීම් ලිපි ලබාදීමට තීරණය කරන තිබෙනවා.