Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දින 6ක් තුළ පාකිස්තානුවන් 500කට අධික පිරිසකට දිවි අහිමි කළ අධික උෂ්ණත්වය

2 years ago

දකුණු පාකිස්ථානයේ පවතින අධික උෂ්ණත්වය සමඟ සිදුවන ජීවිත හානි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය දින හය තුළ, උෂ්ණාධික බව නිසා මරණයට පත් සංඛ්‍යාව 568 දක්වා ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ අතරින් වැඩිම මරණ ගණනක් සිදුව ඇත්තේ පසුගිය අඟහරුවාදා වෙන අතර එදින 141 දෙනෙකු අධික උෂ්ණත්වයද හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

කරච්චියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 (104F) ට වඩා ඉහළ ගොස් ඇති අතර, නගරයේ ඉහළ ආර්ද්‍රතාවය නිසා ෂෙල්සියස් අංශක පනහක තරම් තරම් උණුසුම් බවක් ශරීරයට දැනෙන බවයි වාර්තා වන්නේ.

අධික උණුසුම නිසා පීඩා විදින බහුතර පිරිස වයස අවුරුදු 60 – 70 අතර අය බව සඳහන්.