Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිවාස රැසක් විනාශ කරමින් ඇහැළියගොඩ කන්දක් නාය යයි

2 years ago

ඇහැලියගොඩ ගැටහැත්ත උඩුවක ප්‍රදේශයේ විශාල කන්දක් නාය ගොස් තිබෙනවා.

එම නාය යෑම හේතුවෙන් නිවාස 8ක් මුළුමනින්ම විනාශ වී තිබේ.

අද (27) දහවල් මෙම නායයෑම සිදුවී තිබේ.

අද උදෑසන සිටම නාය යෑමේ ලක්ෂණ දක්නට ලැබීම හේතුවෙන් අවට නිවාසවල පිරිස් ඉන් ඉවත් කර තිබිණි.

මෙම නායයෑම හේතුවෙන් ගැටහැති ඔය සම්පූර්ණයෙන්ම හරස් වී ඇති බැවින් ඇළ ඉහළ කොටසට ගංවතුර අවධානමක් ද හටගෙන ඇති බවඳ සඳහන්.

මේ වනවිට නායයෑම සක්‍රීය වූ ස්ථානයේ පවුල් 48ක පුද්ගලයන් 158 දෙනෙකු ඉවත්කර උඩුවක සිද්ධාර්ථ විදුහලේ රඳවා සිටී.

අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සිදු කරනු ලබයි.