අද (28) දින සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ අද දිනයේ සාමාන්‍ය පරිදි පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමට තීරණය කළ බවය.
දිවයිනේ සියලු පාසල්වල ගුරු විදුහල්පතිවරුන් ඊයේ සහ පෙරේදා දිනයන්හිදී අසනීප නිවාඩු වාර්තාකර සේවයට පැමිණීමෙන් වැළකී වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වුණි.


