Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිරකරුවන්ගෙන් ගුටි කෑ සිරකරුවෙක් අවසන් ගමන් යයි! දූෂණ සිද්ධියකට සම්බන්ධ අයෙක්ලු!

2 years ago

සිරකරුවන්ගේ පහරකෑමට ලක්වූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති පුවතක් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන්ගේ පහරකෑමෙන් තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ සිරකරුවකුයි.

පහරකෑමට ලක්වූ රැඳවියා ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (26) රාත්‍රියේ මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මියගිය පුද්ගලයා දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව උසාවි නියෝගයක් මත බන්ධනාගාරගත කොට තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගාල්ල පොලිසිය විසින් සිදුකරනවා.