Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2 years ago

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර අද( 28) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, අද සිට දින 10ක් දෙවන අදියරේ ඇගයීම් සිදු කෙරෙන බවයි.

මින් පෙර සැලසුම් කර තිබුණේ සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි අදියරේ ඇගයුම් කටයුතු ඊයේ දින ආරම්භ කිරීමටයි.

නමුත් විභාග දෙපාර්තමේන්තුව පසුව දැනුම් දුන්නේ නොවැලැක්විය හැකි හේතුවක් මත ඊයේ දින එම කටයුතු ආරම්භ කිරීමට නොහැකි වන බවත් එම කටයුතු අද දිනයේ සිට ආරම්භ කරන බවත්ය.

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්වලින් 80% ක් පමණ මේ වනවිට පරීක්ෂා කර අවසන් කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.