Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සුනඛයෙකු සපා කෑමෙන් සිව් හැවිරිදි දැරියට ජීවිතය අහිමිවෙයි

2 years ago

වීදි සුනඛයෙකු සපාකෑ සිව් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කිලිනොච්චිය, කන්ඩාවලෙයි ප්‍රදේශයේදී පසුගිය 10 වනදා මෙම සුනඛයා විසින් දැරියව සපා කා ඇත.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ දැරියගේ දෙමව්පියන් දෙමව්පියන් ඇයට ජලභීතිකා එන්නත හෝ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර නොමැති බවයි.

දින කිහිපයකට පසුව දැරිය හදිසියේ අසනීපවීම හේතුවෙන් ඇයව කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ (27) දින ඇය ජීවිතක්ෂයට පත්වී තිබේ.

දැරියගේ මරණය සුනඛයා සපාකෑමෙන් සිදුවී ඇති බව රෝහල් බලධාරීන් විසින් පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කන්ඩාවලෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.