Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිල්ලි ගුවන්තොටුපොළේ බිහිසුණු අනතුරක්

2 years ago

ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී අනතුරක් සිදු වී තිබෙනවා.

එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කරන්නේ අනතුරින් එක් අයෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

අද උදෑසන ඇති වූ අධික වර්ෂාව සහ සුළඟ හේතුවෙන් එම ගොඩනැගිල්ලේ වහලේ කොටසක් කඩා වැටී ඇති බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

එම සිදුවීමෙන් පසු පළමු පර්යන්තයේ මෙහෙයුම් කටයුතු අත්හිටුවා තිබෙනවා.