Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හංවැල්ල දැරිය සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන්ට අද අධිකරණයෙන් ලබා දුන් නියෝගය! දැරිය තවමත් රෝහලේ!

2 years ago

හංවැල්ල ජල්තර ප්‍රදේශයේ දී 16 හැවිරිදි ගැහැනු දරුවෙක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි තරුණයන් 08 දෙනා ජූලි මස 05 වෙනිදා දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන නියෝග කළා.

අතවරයට පත් වින්දිත දැරිය තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බැවින් අද (28) දින පැවැත්වීමට නියමිතව තිබූ හදුනා ගැනීමේ පෙරෙට්ටුව යලි කල් තැබීමට නියෝග කෙරුණා.

ඒ අනුව එදින පලමු සහ තුන්වන සැකකරුවන් දෙදෙනා හැර අනෙක් සැකකරුවන් හය දෙනා එදින හදුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දූෂණය සිදු කිරීම, බලහත්කාරයෙන් රඳවා ගැනීම, පැහැරගෙන යාම සහ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා හතරක් යටතේ චෝදනා ගොනුකර මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.