උතුරේ ඉපදුන ශ්‍රි ලාංකික සම්භවයක් සහිත නීතිඥවරියක වන ක්‍රිෂ්ණි රෙෂිකරන් මෙවර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වැදීමට ඉදිරිපත් වී සිටී.
නීතිඥවරියක ලෙසින් අද දැවැන්ත සමාජ කාර්යයක් කරන ක්‍රිෂ්ණි ගේ ජීවිත කතාව වේදනාත්මක එකකි.
ඇය කුඩාකලම සිය මව්පියන් අහිමි වීමෙන් පසුව ඥාතියෙකු සමග ලන්ඩනයට ගොස් හැදී වැඩෙන්නේ ළමා නිවාසයකය.
ඇය වෘත්තීය නීතිඥවරියක ලෙස ලන්ඩනයේ පුණ්‍යායතනයක ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයක සේවය කරයි.
ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහිව කටයුතු කිරීමත් සමාජ අසාධාරණයට එරෙහිව නැගී සිටීමත් තම එකම බලාපොරොත්තුව බව පවසන ක්‍රිෂ්ණි බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී චැටන් සහ සෙම් යන පළාත් වලට ලිබරල් ඩිමොක්රටික් පක්ෂය සමඟ සන්ධානගත වූ කොන්සර්වේටිව් පක්ෂයෙන් තරග කිරීමට සූදානම් ය.


