Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයට දැනුම්දීමක්

2 years ago

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට අවශ්‍ය සහයෝගය ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීමට සූදානම් බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනි ලියනගේ පවසයි.

ලබන සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර කාලය තුළදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා අවශ්‍ය මුද්‍රණ කටයුතු සිදුකිරීමට මේ වනවිටත් අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවාය.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා නිවේදනය කර සිටියේ ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම පිළිබද පනතේ දැක්වෙන විධිවිධාන වලට අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම, නියමිත කාලසීමාව තුළ සිදු කරන බවයි.