Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිරුණිකා වැලිකඩ සාමාන්‍ය සිරකරු වාට්ටුවකට! හිරුණිකාගේ නීතිඥයන්ගෙන් අභියාචනයක්!

2 years ago

සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සාමාන්‍ය වාට්ටුවක් රඳවා තිබෙනවා.

ඇය කාන්තා රැඳවියකට නියමිත ඇඳුම ඇඳ සිටින බවයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙනවිත් අවශ්‍ය ලිපිලේඛණ කටයුතු කර වාට්ටුවකට යොමු කළ බව සඳහන්.

ඇය ඒ දක්වා විශේෂ ඉල්ලීමක් නොකළ බවයි, බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේ.

මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබාදුන් සිරදඬුවමට එරෙහිව එළැඹෙන සතියේ අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකරන බව ඇයගේ නීතිඥයින් සඳහන් කරයි.