Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දින දෙකකදී අභිරහස් මරණ දෙකක් සිදු වූ නුවරඑළිය වැසිකිළියේ සිදු වූ මරණවලට හේතුව හෙළි වෙයි

2 years ago

නුවරඑළිය බස් නැවතුම්පොළේ පිහිටා ඇති පොදු වැසිකිළිය තුළ සිදු වූ මරණවලට හේතුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.

එම වාර්තාවට අනුව හෙළි වී ඇත්තේ එම මරණ සඳහා හදිසි හෘදයාබාධ හේතු වී ඇති බවටයි.

පොලිසිය සඳහන් කළේ 26 වනදා පස්වරුවේ හා 27 වනදා පෙරවරුවේ වැසිකිළියට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් සිටි බවටයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මෘත දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව ඒවා ඥාතීන් වෙත භාර දීමට කටයුතු කළ බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ ද සහාය ඇතිව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය මේ වන විට වැසිකිළියට මුද්‍රා තබා තිබෙනවා.