මත්පැන් බව සිතා විෂ සහිත ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් ධීවරයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ තවත් ධීවරයින් තුන් දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.
තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය “ඩෙවෝන්” නම් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනෙකු මෙම සිද්ධියට මුහුණ පා ඇති බව සඳහන්.
ඊයේ (28) රාත්‍රියේ ඔවුන්ට මුහුදේ පාවෙමින් තිබු බෝතල් කිහිපයක් හමුවී තිබෙනවා.
ඔවුන් ඒවා මත්පැන් බව සිතා පානය කර ඇති අතර පානය කිරීමෙන් අනතුරුව ඔවුනට රෝගී තත්ත්වයක් හටගෙන තිබෙනවා..
පසුව ඔවුන් වහාම ගුවන් විදුලි යන්ත්‍ර ඔස්සේ ගොඩබීමේ ඇති පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයට දැනුම්දීමක් සිදුකර තිබු බව ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.


