Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමෙරිකාවෙන් කොවිඩ් – 19 නව ප්‍රභේදයක් සොයාගනී! නව කොවිඩ් එන්නතක් හඳුන්වාදීමට සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක්!

2 years ago

මේ වනවිට කොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදයක් අමෙරිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය සදහන් කරයි.

නව විකෘති වු වෛරසය මතුවුයේ කුමන ස්ථානයෙන් ද කියා කිසිවෙකු දන්නේ නැති බවත් එය ආසාදන සහ රෝහල්ගතවීම් සාමාන්‍යයෙන් ඉහළ යන බවත් එළඹෙන ශීත සෘතුවට පෙර එම වෛරසය පැතිර යන්නේ නම් නව COVID එන්නතක් හදුන්වා දිය යුතු බවද විශේෂඥ ස්කොට් රොබට්ස් සදහන් කරයි.

අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ ප්‍රාන්ත 39ක නව ප්‍රභේදය පැතිර යමින් පවතින බවය.

වෛරසයේ සක්‍රීයතාව සාපේක්ෂව තවමත් අඩු අගයක් පැවතිය ද රෝහල්ගත කිරීම් සහ මරණ ඉහළ යමින් පවතින බව වාර්තා වෙයි.