Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංකාවට ආ ඊශ්‍රායල තරුණියක් අතුරුදන්! සොයා ගැනීමට මහජන සහාය පතයි!

2 years ago

ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත Tamar Amitai නමැති ඊශ්‍රායල තරුණියක් අතුරුදන් වී තිබේ.

25 හැවිරිදි ඇය මෙරට තනිව සංචාරය කිරීම සඳහා පැමිණි ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ජූනි 22 වනදා මෙරටට පැමිණි ඇය රොලෙක්ස් නිවාඩු නිකේතනයේ ලැගුම්ගෙන තිබෙනවා.

ඇයව අවසන් වරට දැක ඇත්තේ පසුගිය 26 වනදායි.

ඇයගේ ගමන් මලු ඇතුළු දෑ නිවාඩු නිකේතනයේ ඇති බවටයි, එහි කළමනාකාරීත්වය සඳහන් කළා.

ඇය සොයා පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති අතර අදාළ තරුණිය සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් තමන්ට දැනුම් දෙන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.