Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොවම මවිත කරමින් මිනිස් වාසයට සුදුසු පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයාගනී

2 years ago

පෘථිවියට සමාන විශාලත්වයකින් යුත් ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගෙන තිබෙනවා.

ඒ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන් සහ ඇමෙරිකාවේ නාසා ආයතනය එක්ව සිදු කළ පර්යේෂණයකදීයි.

මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ‘ග්ලීස් 12 බී’ යනුවෙන්.

තරාකා විද්‍යාඥයන් මීට පෙර ද පෘථිවියට සමාන ග්‍රහලෝක සොයාගෙන ඇති නමුත්, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40 ක් දුරින් පිහිටි මෙය පෘථිවියට බෙහෙවින් සමාන, ජීවත් වීමට වඩාත් සුදුසු ග්‍රහයකු බව සදහන්.

‘ග්ලීස් 12 බී’ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ක් පමණ විය හැකි බව ද තාරකා විද්‍යාඥයන් විශ්වාස කරනවා.

මෙය දින 12.8 කට වරක්ම, එම ග්‍රහලෝකය අයත් ග්‍රහ මණ්ඩලයේ තරුවක් වටා කක්ෂගත වන බවත් විද්‍යාඥයින් තවදුරටත් පෙන්වා දෙනවා.