Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දරුණු අනතුරක්! ලොරි රථයක් බෑවුමකට පෙරළී යාමෙන් එකම පවුලේ 4ක් රෝහලට!

2 years ago

පදියපැලැල්ල, මන්දාරම්නුවර ප්‍රදේශයේ කබරගල ඉහල කොටසේදී කුකුල් පොහොර ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් දරුණු අනතුරකට මුහුණ දී තිබෙනවා.

ඊයේ දහවල් මෙම අනතුර සිදුව ඇති අතර එම ලොරි රථය මාර්ගයේ කොටසක් කැඩී යාමත් සමග බෑවුමකට පෙරළී යෑමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

එම අනතුරින් එහි ගමන්කල රියදුරා, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාතමකයි.