Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ත්‍රිකුණාමලයේදී අතුරුදහන් වූ ඊශ්‍රායල තරුණිය සොයාගනී! කදු බෑවූමකදී ලිස්සා වැටී සිර වෙලා!

2 years ago

මෙරට සංචාරයක යෙදී සිටියදී පසුගිය බදාදා (26) අතුරුදන් වූ 25 හැවිරිදි ඊශ්‍රායෙල් තරුණිය සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

පොලිසිය, යුද හමුදාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, උප්පුවේලි ප්‍රාදේශීය සභාව සහ නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශය එක්ව සිදු කළ ප්‍රයත්නයකින් පසුව ඇය සොයාගත් බවයි සඳහන් වන්නේ.

එම තරුණිය නිලාවේලි ප්‍රදේශයේ කඳුබෑවුමකදී ලිස්සා යාමකට ලක්ව සිරවී සිටියදී සොයා ගැනීමට සෝදිසි මෙහෙයුමේදී හැකි වී ඇත.

සීරීම් සහ සුළු තුවාල වී සිටි ඇය ත්‍රිකුණාමලය මහ රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටින අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු උප්පුවේලී පොලීසිය මගින් සිදුකරනු ලබයි.