Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මව හා පියා මරා දමන බවට තර්ජනය කරමින් පාසල් දැරියක්ව අමානුෂික අයුරින් දූෂණය කරලා

2 years ago

වරකාපොල මාහේන ප්‍රදේශයේ පාසල් දැරියකයකට තර්ජනය කර බියගන්වා අවස්ථා කිහිපයකදී දූෂණය කළ පුද්ගලයෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මව සහ පියා මරා දමන බවට එම සිසුවියට තර්ජනය කර බියගන්වා ඇති මෙම සැකකරු අවස්ථා කිහිපයකදී කැළෑබද ප්‍රදේශයන්ට සහ ලැගුම්හල් තුලට රැගෙන ගොස් අමානුෂික ලෙස දූෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියට අදාලව මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් වරකාපොළ පොලිසිය විසින් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂගේ උපදෙස් මත වරකාපොළ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක කරනවා.(hiru)