Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාවෙන් නවමු නිෂ්පාදනයක්! මිරිස් රසැති අයිස් ක්‍රීම් වෙළඳපොළට!

2 years ago

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂි අංශ නවීකරණ වැඩ සටහනේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය යටතේ අප රටේ පළමුවරට මිරිස්වලින් නිෂ්පාදනය කරන ලද අයිස්ක්‍රීම් හඳුන්වා දීමට නව නිපැයුම්කරුවෙකු වන වැලිමඩ දරගල පදිංචි ලසන්ත රුවන් ලංකාතිලක මහතා විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ මහතා විසින් නිෂ්පාදනය කරන ලද මිරිස් අයිස්ක්‍රීම් ඊයේ (27) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාට පිරිනමනු ලැබුවා.

මෙම මිරිස් අයිස්ක්‍රීම් අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් වෙළෙඳපලට හඳුන්වා දෙන අතර පැණි රස හා මිරිස් සැර එකට එකතු කර නවමු රසයක් මෙම අයිස්ක්‍රීම් රස විඳීමට හැකි බව ඒ මහතා පැවසුවා.

ඌව විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණික පීඨයේ මාර්ගොපදේශකත්වය යටතේ මෙම මිරිස් අයිස්ක්‍රීම් වට්ටෝරුව පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති අතර එම වට්ටෝරුව සාර්ථක වීම නිසා මෙම නිෂ්පාදනය වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

බීජ ලබා ගැනීම සඳහා යොදාගන්නා වියලි මිරිස්වල පොත්ත උපයෝගී කර ගනිමින් මෙම අතුරු නිෂ්පාදනය කරනු ලබයි.

දරුවන්ට හා වැඩිහිටියන්ට වශයෙන් නිෂ්පාදන විශේෂ දෙකක් හඳුන්වා දී ඇතී අතර ඉදිරියේ දී මෙම මිරිස් අයිස්ක්‍රීම් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව රුවන් ලංකාතිලක මහතා පැවසුවා.