Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විෂ ශරීරගත වීමෙන් මිය ගිය ධීවර මරණ සංඛ්‍යාව 5 දක්වා ඉහළට

2 years ago

මත්පැන් බව සිතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක වූ විෂ දියරයක් පානය කළ “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනාගෙන් තවත් අයෙක් මේ වන විට මියගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

ඒ අනුව මේ වන විට මියගොස් ඇති ධීවරයින් සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබේ.

සිංගප්පූරු වෙළෙඳ නෞකාවක් මගින් ඩෙවෝන් 5 යාත්‍රාවේ අසාධ්‍යව සිටි ධීවරයින් දෙදෙනෙකුව අද(30) බේරාගෙන තිබුණි.

ඒ අතරින් එක් අයෙක් මෙලෙස මියගොස් ඇති බවට වාර්තා වූ බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පැවසීය.

මේ අතර සිංගප්පූරු ධජය යටතේ රැගෙන වන අසාධ්‍ය ධීවරයා හා මියගිය ධීවරයාගේ මෘත ශරීරය ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවට අද පස්වරු 6.00ට පමණ වන විට බාර ගැනීමට නියමිතව පවතී.