Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාවික හමුදා බුද්ධි අංශයේ දෙදෙනෙක් අත්අඩංගුවට

2 years ago

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර සහ අනුබල දුන් බවට සැකකෙරෙන නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක්ව අද (30) නාවික හමුදා විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ දීර්ඝ අභ්‍යන්තර පරීෂණයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව නාවික හමුදාව පවසයි. 

මෙම නිලධාරීන් දෙදෙනා නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ දෙදෙනෙකි.

සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතය.