Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් දෙකක් මුහුණට මුහුණ ගැටේ

2 years ago

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

තුවාලකරුවන් මේ වනවිට වතුපිටිවල සහ වරකාපොළ රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ පානදුර සිට මහනුවර බලා ගමන්ගත් උඩහමුල්ල ඩිපෝවට අයත් බස් රථයක් හා ගලෙන්බිදුනුවැව සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයකි.