Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය නිළි පියුමි හංසමාලි CIDයට! සල්ලි හොයපු හැටි ගැන කියූ කතාව මෙන්න!

2 years ago

තමන් මුදල් හම්බකළේ කෙසේ දැයි අද (01) දින ශ්‍රී ලංකාවේ ජනතාවට දැනගත හැකි බව ජනප්‍රිය නිළි පියුමි හංසමාලි පවසනවා.

ඇය ‌මේ බව සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ දීයි.

“ අද ආවා, මුළු ලංකාවම දන්නවා නේ. කට උත්තරයක් දෙන්න මට එන්න කියලා තියෙනවා. ගිය සතියේ සඳුදා තමා එන්න කියලා කිව්වේ. නමුත් මට ඒ ලිපිය ලැබුණේ, සෙනසුරාදා විතර. එ් නිසා සඳුදාට එන්න බැහැ. ඩොකියුමන්ට්ස් ගොඩාක් තියෙනවා හදාගන්න. තාමත් හදාගෙන නැහැ. පුළුවන් ටික අරගෙන. බැන්ක් ස්ටේට්මන්ට් තියෙනවා. ඔඩර්ස් 25,000ක් ගිහින් තියෙනා. ලංකාවේ මිනිසුන්ට තීරණය කරන්න පුළුවන්. මගේ ක්‍රීම් පැක් එක රුපියල් 35,000ක් වෙනවා. ඉතිං එයාලාට ගණන් හදලා බලන්න පුළුවන් පියුමි හංසමාලිට කොහෙන්ද සල්ලි ආවේ කියලා.”

මාධ්‍යවේදීයා – ආයේ එන්න පුළුවන් ද ගිහින්..?

“මෙහෙමයි, වැරදි කරලා නැහැනේ අයියා.. බය නැතිව ආවා. වැරදි කරපු අය තමා බය වෙන්න ඔනේ. මම දෙයක් ඉගෙනගෙන ඇවිල්ලා, අහිංසක ක්‍රීම් බිස්නස් එකක් කරන්නේ. ඒකට අදාළ ෆයිල් තියෙවනවා. පොහොර බෑග් පහක විතර. අපි හැම ගනුදෙනුවක් ම කළේ, බැංකුව හරහා. ඉදිරියේ දී මේ වගේ ප්‍රශ්න එයි කියලා අපිට හිතුණා. හැම බැංකු වාර්තාවක් ම තියෙනවා. ලංකාවේ මිනිසුන්ට දැනගන්න පුළුවන් අද දවස ඇතුළත දී පියුමි හංසමාලි සල්ලි හම්බකරලා තියෙන්නේ කුඩු විකුණලා ද, කළු සල්ලි සුදු කරලා කියලා ද මුළු ලංකාවට ම දැනගන්න පුළුවන්.”

මාධ්‍යවේදීයා – “ලොකු ලොකු වාහන පදිනවා කියලා එකකුත් තියෙනවා නේ.?”

“හොඳ වාහනයක් එහෙම පදිනකොට නැති කෙනෙකුට ඉරිසියයි. ලංකාවේ මිනිස්සු ගොඩාක්ම කුහකයි. ලංකාවේ හැමෝම කුහක නැහැ. දෙයක් ඉගෙනගෙන ඇවිත්, සල්ලි හම්බකරලා මට වාහනයක් ගන්න බැරි ද.? මුළු ලංකාවට ම තියෙන්නේ, පියුමි හංසමාලි රේන්ජ්රෝවර් එකක් ගත්තා. කොළඹ 07න් ගෙදරක් ගත්තා කියන එකයි. මට හම්බකරලා මේවා ගන්න බැරි ද.? ගන්න පුළුවන් නේ. මම රටේ අහිංසක ජනතාවගේ සල්ලි අරගෙන නැහැ. මම බිස්නස් එකක් කරලා හම්බකරගෙන ඉන්නවා.”

මාධ්‍යවේදීයා – පළිගැනීමක් ද?

“අපි මේ ගැන හොයාගෙන ගිහින් තියෙනවා. හොයාගත්ත තොරතුරුත් එක්ක, වෙනත් ක්‍රීම් ව්‍යාපාර කරන අය සල්ලි දීලා තමා මේ වැඩේ කරලා තියෙන්නේ කියලා. මෙයාට තියෙන්නේ පළිගැනීමක්. මෙයා මේ රේන්ජ් රෝවර් ගත්ත එකත් එක්ක කිව්වේ, ගෝඨාභය සර්ගේ වාහනය ගත්තා කියලා. එයාට තියෙන්නේ රාජපක්ෂලාත් එක්ක දෙයක්. මහින්ද සර් මගේ තාත්තාවත්, ගෝඨභය සර් මගේ බාප්පාවත් නෙවෙයි ‌නේ. ඉතිං මට පුළුවන් සේල් එකකින් වාහනයක් ගන්න. එයලා ඡන්දයට පැද්දා කියලා මම මොනවාද කරන්නේ.? මම මගේ සල්ලිවලින් වාහනය ගත්තා හැරෙන්න, දේශපාලන පළිගැනීම් ඒ අයත් එක්ක කරගන්න ඔනේ. අහිංසකව බිස්නස් එකක් කරගෙන ඉන්න මාව ඉත්තෙක් කරගන්න එක පව්කාර වැඩක්. ඉතිං එයා කරපු පව්කාර වැඩට එයාට උඩ ඉන්න දෙවියෝ දඬුවම් දීලා තියෙනවා.”

මාධ්‍යවේදීයා – මේක ගෝඨාභය සර්ගේ වාහනය ම ද.?

“මේක සර්ට පදින්න දීලා තිබුණ වාහනය. කාර් සේල් එකෙනුත්, CID එකටත් ඔප්පු වෙලා තියෙනවා. මම හම්බකරපු සල්ලිවලින් තමා මේක ගත්තේ. උඩට ගිහින් මේ ටික දීලා ඇවිත් මම ඔයාලාට කට උත්තරයක් දෙන්නම්. යන්නේ නැතිව ඉන්න. ඔහෝම..”