Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිරුණිකාගෙන් මහාධිකරණයට අභියාචනයක්

2 years ago

තමන්ට නියම වී ඇති වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී තිබෙනවා.

ඇය වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ තමන්ට ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදාහරින ලෙසයි.

ඇයගේ ඉල්ලීම ලබන 4 වනදා සලකා බැලීමට නියමිතයි.