Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

2 years ago

අද (02) දිනයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

ඒ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙනි.

ඊයේ ( 01) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී තිබේ.

මේ අතර රජය විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අත්සන් කරන ලද ගිවිසුම් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ඊයේ පැවති පක්ෂ නායක රැස්විමේදී දැනුම් දී තිබෙනවා. ඒ ඊට අදාළ ගිවිසුම් තුනෙන් එක ගිවිසුමක් තවමත් අත්සන් නොකර තිබීම හේතුවෙන්.

ඒ අනුව අද දින පැවැත්වීමට නියමිතව තිබූ මීට අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදය හෝ ඡන්දය නොපැවැත්වීමටත් මෙහිදී තීරණය වී ඇත.