පක්ෂ පාට නොබලා තනි අලියා රජ පුටුවේ වාඩි කරවන්න සියලු දෙනා කටයුතු කල යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ සබරගමු පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතා පැවසිය.
ගියවර පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාප පාක්ෂිකයන් මිලියන 3ක් එක්සත් ජාතික පක්ෂයට හෝ සමගි ජන බලවේගයට ඡන්දය දීමෙන් වැළකී නිවෙස්වලට වී සිටි බවයි ඔහු පවසන්නේ.
එම නිසා මෙවර ජනාධිපතිවරණයේදී එජාපයේ හස්ති රාජයා වන රනිල් වික්‍රමසිංහ මහතාට එහි පොලියත් සමඟ ලබා දිය යුතු බව ඔහු වැඩිදුරටත් පවසනවා.


