Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සංසරණය වන අසත්‍ය ලිපියක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් පැහැදිලි කිරීමක්

2 years ago

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් 2024 ජූලි 1 වනදා නිකුත් කර කළ බවට හැඟවෙන ආකාරයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සකසන ලද ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

සමාජ මාධ්‍යවල සංසරණය වන එම ලිපිය ධර්මචක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත්ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනයක් සහිතව කහ පැහැති පසුබිමේ සකස් කර ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි.

මෙම ලිපිය හා එහි අන්තර්ගතය සම්පුර්ණයෙන්ම ව්‍යාජව සකස් කරන ලද ලිපියක් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.

පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා නොරැවටෙන ලෙසයි.

එම ව්‍යාජ ලිපිය පහතින්.