Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කතරගම දෙවියන් අසරණ වෙයි! කපු පරම්පරා දෙකක් වස්තුව බෙදාගන්න මරා ගනී!

2 years ago

කතරගම ඇසළ මංගල්‍ය ආරම්භ වීමත් සමග පූජා වට්ටිවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් සහ රන් ආභරණ වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයේ කපු පරපුර දෙකක් අතර දේවාලයේදි පසුගිය 30 වැනිදා ගැටුමක් හටගෙන තිබෙනවා.

දේවාලේ තේවාව භාර රත්නායක කපු පරපුර හා අරාපක්ෂ කපු පරපුර අතර මෙම ගැටුම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම මාසය බාර කපුවරයෙකු වන ගයාන් ආරාපක්ෂ පහරදුන් බව පවසා රත්නායක කපු පරපුරේ උපුල් රත්නායක යන අය ප්‍රතිකාර සඳහා කතරගම රෝහළට ද ඇතුළත්ව තිබෙනවා.

එමෙන්ම මෙම පහරදීම සම්බන්ධයෙන් කතරගම පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මේ සම්බන්ධව කතරගම පොලීසිය මගින් ගයාන් ආපක්ෂ නැමැති කපුවා ඊයේ (01) පොලීසියට කැඳවා පසුව අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

පෙරහර සමයේ මෙම පරම්පරා දෙක අතර ගැටුම පවතින බවත් පෙරහර සමයේ පූජා වට්ටිවලට එකතුවන රුපියල් කේටි හය හතක මුදල වෙනුවෙන් මෙම ගැටුම පවතින බවත් හෙළිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුහුණු කතරගම දේවාලේ බස්නායක නිලමේ ඩිල්ශාන් ගුණසේකර පවසන්නේ පූජා වට්ටියේ සම්පූර්ණ ආදායම කපුවරුන් ලබා ගන්නා බවත් එම මුදල බෙදා ගැනීමට නොහැකි වූ තැන පෙරහර සමයේ ගැටුම් හටගන්නා බවයි.(monara)