සිය ප්‍රේමවන්තයාගේ ලිංගේන්ද්‍රය කපා දැමූ වෛද්‍යවරියක් සම්බන්ධ පුවතක් අසල්වැසි ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
එම වෛද්‍යවරිය 25 හැවිරිදි වියේ පසුවන අතර මෙම සිදුවීමට මුහුණදුන් පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන මන්ත්‍රීවරයෙක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
අනතුරට ලත් මන්ත්‍රීවරයා මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව සඳහන්.
මොවුන් දෙදෙනා අතර වසර කිහිපයක් ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති අතර නමුත් පෙම්වතා විසින් දිගින් දිගටම විවාහ වීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
දිගින් දිගටම ඔහු විවාහ වීම ප්‍රතික්ෂේප කිරීම නිසා මානසික පීඩනයට පත් වූ ඇය මෙලෙස එම පුද්ගලයාගේ ලිංගේන්ද්‍රය කපා දමා තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකාර වෛද්‍යවරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සන්තකයේ තිබී ලේ තැවරුණු පිහියක් ද සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
පෙම් සබඳතාව පැවැත් වූ කාලය තුළ තමාව විවාහ කරගන්නා මුවාවෙන් තමාව ලිංගික අපයෝජනයට ලක් කළ බවට ඇය චෝදනා කර සිටිනවා.
පෙම්වතා විසින් විවාහ වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ තමන් දැඩි ලෙස මානසික වේදනාවෙන් පෙළුණු බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ඔහුට ඖෂධයක් එන්නත් කර ඔහුගේ ලිංගේන්ද්‍රිය කපා දැමීමට කටයුතු කළ බව ඇය පොලිසිය හමුවේ පවසා ඇති බව සඳහන්.
එමෙන්ම සිය පෙම්වතාගේ පෙරැත්තය මත තමන් ගබ්සා කිරීම් දෙකක් ද සිදුකළ බවයි ඇය වැඩි දුරටත් පොලිසිය හමුවේ පවසා ඇත්තේ.


