තම ඉල්ලීම් ලැබෙන තුරු සටන අත්නොහරින බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.
ඊයේ (02) දිනයේ පාසල් වේලාවෙන් අනතුරුව පාසල් ඉදිරිපිට ගුරු සංගම් උද්ඝෝෂණ මාලාවක්ද සංවිධානය කර තිබුණි.
ගුරු සංගම් රජයට අනතුරු ඇඟවූයේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකළහොත් පාසල් වේලාව තුළ උද්ඝෝෂණ සිදුකිරීමට කටයුතු කරන බවයි.
ඒ අනුව එළැඹෙන සිකුරාදා දිනයේ සියලු වෘත්තීය සමිති කොළඹට කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔවුන් සඳහන් කළේය.


