Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියාවේ ආගමික දේශනයක් අතරතුර තෙරපීමකින් මියගිය ගණන 116 දක්වා ඉහළට (ඡායාරූප)

2 years ago

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ පැවති හින්දු ආගමික උත්සවයක් අතරතුරදී ඇති වූ තදබදයෙන් මියගිය ගණන 116ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මියගිය පිරිසෙන් බහුතරය කාන්තාවන් බවයි.

එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි.

නවදිල්ලි අගනුවරට කිලෝමීටර් 200ක් (සැතපුම් 125ක්) පමණ ගිනිකොන දෙසින් පිහිටි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබේ.

හත්‍රාස් දිස්ත්‍රික්කයේ ගම්මානයක භෝලේ බාබා නම් ආගමික නායකයෙකුගේ දේශනයක් අද (02) පවත්වා ඇති අතර එම දේශනය ඉවත් කර පිරිස පිටත්ව යද්දි මෙය සිදු වී ඇත.

එම අවස්ථාවේදී පිරිස තෙරපී ඇති අතර, ඉන් බිම ඇඳගෙන වැටුණු බොහෝ දෙනෙකු පෑගී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

මෙම දේශණය සඳහා 5,000කට පමණක් රැස්වීමට අවසර ලබාදී තිබුණත්, 15,000කට අධික පිරිසක් රැස්ව සිටි බව ප්‍රාදේශ භාර පොලීසිය කරුණු දක්වා තිබෙනවා.

මිය ගිය පිරිස් අතරින් බොහෝ දෙනෙක් තෙරපී ඇති අතර, ඉන් බිම ඇඳගෙන වැටුණු බොහෝ දෙනෙකු පෑගී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

ප්‍රාන්ත මහ ඇමති ආදිත්‍යනාත් මහතා සඳහන් කර ඇත්තේ, මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් ලක්ෂ 2ක වන්දියක් ලබාදෙන බවත් තුවාල වු පිරිසට රු 50,000ක මුදලක් ලබාදෙන බවත්ය.