අතිවිශාල පාඩුවක් ලබන මත්තල ගුවන්තොටුපොලේ කළමනාකාරීත්වය ඉදිරි සති කිහිපය තුළ රුසියානු – ඉන්දියා හවුල් ව්‍යාපාරයකට ලබාදීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසි ලෙසකින්වත් විකිණීමට කටයුතු නොකරන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
අමාත්‍යවරයා සඳහන් කළේ එය ප්‍රතිව්‍යුහගත කිරීම පමණක් සිදු කරන බවයි.
ශ්‍රී ලංකා ගුවන් සමාගම සඳහා ආයෝජනයට පවතින්නේ ඉතා අවම ඉල්ලුමක් බවත් ශ්‍රී ලංකාවේ නීතියට අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්වලින් 49%ක් පමණක් වෙනත් සමාගමකට ලබාදිය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.


