ව්‍යාපාරිකයෙකුට රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනප්‍රිය උසස් පෙළ – රසායන විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙක් පසුගිය (03) වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අදාළ ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලක් අනුවයි.
ඒ අනුව එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අදාළ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ උපකාරක පන්ති ගුරුවරයා පැමිණිලිකරුගේ සමීපතම මිතුරෙකු වන බවද සඳහන්.
එම මිතුරා හෝටලයක අයිතිකරුවෙකු ද වන බවයි වාර්තා වන්නේ.
ඔහුගේ හෝටලයෙහි පරිහරණය කර පසුව ඉවත් කරන ලද රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් වටිනා ගෘහ භාණ්ඩ තොගයක් සැකකාර උපකාරක පන්ති පවත්වන ගුරුවරයාට විකුණා තිබෙනවා.
සැකකරු ඒ වෙනුවෙන් චෙක්පත් ලබා දී ඇති බවත්, දිගින් දිගටම ඒවා අගරුවී ඇති බවත් සඳහන්.
මුදල් ලබා නොදී වංචා කිරීම හේතුවෙන් ව්‍යාපාරිකයා විසින් මෙලෙස ඒ සම්බන්දයෙන් ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා.


