Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

keheliya Rambukwella

කෙහෙළියගේ හා පවුලේ සාමාජිකයන්ගේ ලක්ෂ 970ක බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු ගැන අධිකරණ නියෝගයක්

2 years ago

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඇතුළු පවුලේ 6 දෙනෙකුගේ ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස 3කට අත්හිටුවීමට අධිකරණය අද (05) නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත.

එම ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු වල වටිනාකම රුපියල් මිලියන 97කට අධික බව සඳහන්.

එම බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු පවත්වාගෙන ගොස් ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් දියණියකගේ ස්වාමි පුරුෂයා නමිනි.