Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2023 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව දැනුම්දීමක්

2 years ago

2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 09 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එම පරීක්ෂණ ජූලි මස 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා අපේක්ෂකයින් 169,007ක් මධ්‍යස්ථාන 1,226කදී පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

සෞන්දර් විෂයෙහි අවසන් ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණු උපයෝගි කර ගනු ලබනවා.

ඒ හේතුවෙන් මෙම විභාගය සඳහා පෙනී නොසිටින සිසුන්ගේ ලකුණු නිකුත් නොකරන බවයි, විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ලැබී ඇති ප්‍රවේශ පත්‍රවල සංශෝධන සිදු කිරීමට තිබේ නම් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත පැමිණෙන ලෙසට ද ඔවුන් ඉල්ලා සිටියා.