ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානි සාගල රත්නායක මහතා ගමන් ගත් රථ පෙළ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කළ 21 හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුවිල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
කොල්ලුපිටිය අර්නස්ට් ද සිල්වා මාවතේ 28 වන පටුමග හන්දිය අසලදී සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ජංගම දුරකථනය පොලිස් බාරයට ගෙන ඇත.
ඔහු එකසත් අරාබි එමිර් එමීර් තානාපති කාර්යාලය වෙත ක්පැමිණි අවස්ථාවක අදාළ රථ පෙළ වීඩියෝ කර ඇති බවයි වාර්තා වන්නේ.


