ගුවන් තැපැල් පාර්සල් මඟින් මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මඟින් අත්අඩංගුවට ගැනීමට සිටි සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරක් මත මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් නාරාහේන්පිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වසර මුලදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 5 ක් හා කොකේන් මත්ද්‍රව්‍ය ගෑම් 500 කූරියර් සේවා ආයතනයකට ගුවන් තැපැල් මගින් ආනයනය කර ලබා ගැනීම සඳහා වෙනත් පුද්ගලයකු යොමු කර තිබූ සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා පොලිසිය මගහරිමින් කාලයක් තිස්සේ සැඟව සිටියදී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ වාහන අමතර කොටස් ගෙන්වන ආයතනයක හිමි කරුවකු බවයි වාර්තා වන්නේ.
සැකකරු නාරහේන්පිට ප්‍රදේශයේ පුද්ගලික රෝහලක සිට පිටතට පැමිණෙමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ විමර්ෂන අංශයේ නිලධාරීන් විසින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබිණි.
එහිදී අත්අඩංගුවට පසුවන අවස්ථාවේ සැකකරු භාවිතා කල BMW වර්ගයේ සුඛෝපභෝගී කාර් රථයේ මේ වනවිට ලියාපදිංචි හිමිකරුවෙකු ලෙස ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක් වන පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි වී ඇති බැවින් ඒ සම්බන්ධවද වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ප්‍රකාශ කර සිටියේ.


