Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ධාවනය වෙමින් තිබු බසයේ සුක්කානම ගැලවී අතට ඇවිත්! අනතුරින් බස් රථයට දැඩි හානි!

2 years ago

බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල අසළ ලංගම බස් රථයක් අද (06) උදෑසන අනතුරට ලක්ව තිබෙනවා.

බැද්දේවෙල සිට බණ්ඩාරවෙල දක්වා ගමන් ගත් ලංගම බස් රථය මෙලෙස අනතුරට ලක්ව ඇත.

ධාවනය වෙමින් තිබූ බස් රථයේ සුක්කානම ගැලවී යාම හේතුවෙන් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව බෝක්කුවක් තුලට කඩා ගෙන යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඇල්ල පොලිසිය පැවසුවේ, මෙම අනතුර හේතුවෙන් පස්දෙනකු තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කළ බවයි.

අනතුර වන අවස්ථාවේ බස් රථය තුළ මගින් 18 ක් පමණ සිට තිබෙනවා.

කෙසේ නමුත් මෙම අනතුරින් බස් රථයට දැඩි ලෙස අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.