Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිටුහල් කරයි

2 years ago

එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ සයිබර් අපරාධවල නියැලීම හේතුවෙන් එරටින් පිටුවහල් කල ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධවල නිරත වූ දකුණු ආසියාතිකයන් සහ අප්‍රිකානුවන් සිය ගණනක් එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ ශ්‍රී ලාංකිකයන් 37 දෙනෙකු එම පිරිස අතර සිටි බවයි.

සයිබර් ජාවාරමේ සහ ගණිකා ජාවාරමේ නිරත වීම ඇතුළු විවිධ චෝදනා මත එම පිරිස පොලිස් අත්අඩංගුවට ගෙන තිබූ බවයි තානාපති කාර්යාලය සඳහන් කළේ.

ඉදිරි පොලිස් විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු අනෙකුත් ශ්‍රී ලාංකික පිරිසද සති දෙකක් තුළ මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කරන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදු කිරීමට නියමිතය.