Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්අඩංගුවට

78 හැවිරිදි වයෝවෘද්ධ මවක් දූෂණය කර ඝාතනය කිරීමට සැකපිට පාසල් සිසුවෙක් අත්අඩංගුවට

2 years ago

බලන්ගොඩ නගරය ආශ්‍රිතව ඇති දොරවෙල ඔය ප්‍රදේශයේදී ඉකුත් 27වනදා 78 හැවිරිදි විවාහක කාන්තාවක දුෂණය කර අභිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර සිසුවාව බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඩී. එමී. චන්ද්‍රසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 08වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරු සම්බන්ධයෙන් කායික, මානසික සහ සමාජ රෝග පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙසත් ඔහු ඩී.එන්. ඒ. පරීක්ෂණයක් වෙනුවෙන් කැඳවන ලෙසත් අධිකරණය වැඩිදුර නියෝග කර තිබෙනවා.

මෙම කාන්තාව දිය නෑම පිණිස දොරවෙල ඔයට ගොස් ඇති අතර පසුව ඇගේ සිරුර ඔයේ තිබියදී සොයා ගැනුණා.

ඇය අවස්ථා කිහිපයකදී ලිංගික අතවරයකට ලක් කර ගෙල සහ මුඛය සිරකර ඝාතනය කර ඇති බව මරණ පරීක්ෂණයෙන් හෙළිව තිබෙනවා.

බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.