Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙට රජයේ සේවකයින් රැසක් ලෙඩ වෙන ලකුණු

2 years ago

රාජ්‍ය මෙන්ම අර්ධ රාජ්‍ය වෘත්තීය සංගම් රැසක් එක්වී එළඹෙන සඳුදා (08) සහ අඟහරුවාදා (09) දෙදින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නියැලීමට තීරණය කර තිබේ.

ඒ මූලික වැටුප රුපියල් 20,000කින් වැඩිකිරීම, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය, තැපැල් ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සංගම් රැසක් එම වැඩ වර්ජනයේ නිරතවන බව වාර්තා වෙයි.